මුල් පිටුව
Jump to navigation
Jump to search
විශේෂාංග ලිපිය
ශ්‍රී දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් අතරින් ශ්‍රී ලංකාවේ ඇති දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට ලංකාද්වීපයේ රජකමට හිමිකම ඇත. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හෝ අස්ගිරි දෙපාර්ශවයක ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට තේවාව නම් පූජා සත්කාරය පවත්වනු ලබයි. මෙම තේවාව දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්... )
තෝරාගත් ලිපි: පසුගිය සතිය – මීළඟ සතිය
ඔබ දැන සිටියාද...
විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:
...ලිනස් ටොවල්ඩ්ස් ට (ඡායාරූපිත) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී , බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
පුවතකින් බිඳක්
අතීතයේ අද වැනි දිනෙක ...
විශේෂාංග පින්තූරය
සිතාරය හින්දුස්ථානී සංගීතයෙහි ප්‍රධාන තත් වාද්‍ය භාණ්ඩය යි. ශාස්ත්‍රීය සංගීතයේදීත් සරල සංගීතයේදීත් භාවිත කෙරේ. ඉන්දීය සම්භවයක් ඇති මෙම සංගීත භාණ්ඩ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය මෙරටට පැමිණිමෙන් පසුව ප්‍රචලිත වූවකි. සිතාරයේ හැඩය ඌද් නමැති පර්සියානු වාද්‍ය භාණ්ඩයට සමාන බව පැවසේ. සිතාරයේ බඳ මත පිහිටුවා ඇති පර්දා මත ඇඟිලි තබා මිස්රාබය මගින් දෙපසට තත් පම්පනය කිරීමෙන් වාදනය කරයි.